ජල ටැංකියට වැටී දකුණු කොරියාවේ ශ්‍රි ලාංකිකයින් දෙදෙනෙක් මිය යයි

දකුණු කොරියාවේ සේවය කරමින්සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මියගොස් ඇති විදෙස් පුවත් වාර්තා කර තිබේ.

දකුණූ කොරියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස මිය ගොස් ඇත්තේ අභ්‍යන්තර මත්ස්‍ය ගොවිපොළක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික සේවකයන් දෙදෙනෙකු බවටය.

ඊයේ (09) රාත්‍රියේ අභ්‍යන්තර මත්ස්‍ය ගොවිපොළක ජල ටැංකිය පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවට ලද තොරතුරකට අනුව එරට පොලිස් මෙහෙයුම් ආරම්භ කර ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ අභ්‍යන්තර මත්ස්‍ය ගොවිපොළේ තිබුණු  මීටර් 4ක් පළල, මීටර් 3 ක් දිග සහ මීටර් 2 ක් උසකින් යුක්ත වූ විශාල ජල ටැංකියක සිර වී 50 හැවිරිදි කොරියානු ජාතිකයෙකු සහ අවුරුදු 20 සහ 30 යන වයස්වල ශ්‍රී ලාංකික සේවකයින් දෙදෙනෙකු මියගොස් ඇති බවටය.

මියගොස් සිටි කොරියානු ජාතිකයා එම අභ්‍යන්තර මත්ස්‍ය ගොවිපොළේ කළමනාකරු ලෙස සේවය කර ඇත.

මෙලෙස මියගිය තිදෙනාගේ මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.

එමෙන්ම සිදුවී ඇත්තේ කුමක්ද සම්බන්ධයෙන් එරට පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *