නාගරික සංවර්ධන අධිකාරිය විසින් මහජනයාගේ විනෝදාස්වාදය සඳහා දියවන්නා ඔය දෙපස පිහිටි ඉඩම් යොදා ගනිමින් ‘ ෆ්‍රොලික් අයිලන්ඩ් විනෝදාත්මක මධ්‍යස්ථාන’ (Frolic Island Recreational Hub) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අක්කර 13.57 ක සම්පුර්ණ භූමි ප්‍රමාණයකින් යුත් බිම් කොටස් 09 ක් හඳුනාගෙන අවසන්.
එම බිම් කොටස් විනෝදාස්වාද ක්‍රියාකාරකම් සහිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු ආයෝජකයින් වෙත බදු පදනම මත බැහැර කිරීම සඳහා රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුගතව, ජාත්‍යන්තර තරගකාරි ලංසු කැඳවීමේ ක්‍රම වේදය අනුගමනය කරමින්, ආයෝජන යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
බත්තරමුල්ල, දියවන්නා ඔය ආශ්රිත තෙත් බිම් කලාපය ඇතුළත් වන පරිදි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් කොළඹ අග නගරයේ ගංවතුර වැළැක්වීමේ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා.
එම ව්‍යාපෘතිය යටතේ බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලය ආශ්රිත ප්‍රදේශයෙහි ජලාපවහන සංවර්ධන කටයුතු නිම කර අවසන්.
එය කඩුවෙල නගර සංවර්ධන සැලැස්ම යටතේ 2024 වර්ෂයේදී ප්‍රකාශයට පත් කෙරුණා.