වයඹ පළාත් කාර්යාලයට බෝම්බ බියක් – විශේෂ කාර්ය බලකාය කැදවයි

වයඹ පළාත් සභා සංකීර්නයට අද අලුයම 3.30 ට පමණ ද්‍රවිඩ බසින් ලියා විද්‍යුත් තැපෑලෙන් එවා තිබූ පණිවිඩයක වයඹ පළාත් සභා සංකීර්ණයේ බෝම්බයක් පුපුරුවා හැරීමට සැලසුමක් ඇති බව සදහන්ව තිබූ බැවින් විශේෂ කාර්ය බළකාය සමග පොලිසිය, පොලිස් සුනඛයන් යොදා පරිශ‍්‍රය පරීක්‍ෂා කරනු ලැබීය.

ද්‍රවිඩ බසින් එවා තිබූ ලිපියේ සදහන්ව තිබුනේ සයනයිඞ් පිරවූ විෂ බෝම්බයක් තිබෙන බැවින් පෙ.ව. 11.00 වන විට පළාත් ප‍්‍රධාන ලේකම් කාර්යාලයේ නිළධාරින් සහ සිවිල් පුරවැසියන් ඉවත් කරන ලෙසයි.

පළාත් සභා සංකිර්ණයේ කාර්යාලවල නිළධාරින් කාර්යාලවලින් පිටතට පැමිණ පරිශ‍්‍රය පරීක්‍ෂා කිරීම සදහා සහය ලබා දෙන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *