ලෝක කුසලානයේ සල්ලි බෙදයි – ලංකාවටත් ගානක් වෙන් කරයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ නිමාව දුටුවේ 6 වන වරටත් ඔස්ට්‍රේලියාව ලෝක ශූරයින් ලෙසින් කිරුළු  පළදමින්. 

ඒත් සමඟම ලෝක ශූර ඕස්ට්‍රේලියා පිලට ඇමෙරිකානු ඩොලර් මිලියන 4 ක් ඉක්මවූ තෑගි මුදලකට හිමිකම් කියනු ලැබුවා.

අනුශූරයින් වෙනුවෙන් වෙන්ව තිබුණු ත්‍යාග මුදල ඩොලර් මිලියන 2 ක්.

අවසන් පූර්ව වටය දක්වා පැමිණි නවසීලන්ත කණ්ඩායමට සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් සඳහා අමෙරිකානු ඩොලර් ලක්ෂ 8 බැගින් හිමිවිය.

එසේම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වූ සෙසු සෑම කණ්ඩායමකටම අමෙරිකානු ඩොලර් ලක්ෂයක් සහ ඔවුන් ජයග්‍රහණය කළ එක් තරගයකට අමෙරිකානු ඩොලර් 40,000 බැගින් හිමිවිය.

ඒ අනුව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් පමණක් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 180,000ක මුදලක් හිමිවිය.

ඕස්ට්‍රේලියාව ($4.28m)

ඉන්දියාව ($2.36m)

දකුණු අප්‍රිකාව ($1.08m)

නවසීලන්තය ($1m)

පකිස්ථානය ($260,000)

ඇෆ්ගනිස්ථානය ($260,000)

එංගලන්තය ($220,000)

බංග්ලාදේශය ($180,000)

ශ්‍රී ලංකාව ($180,000)

නෙදර්ලන්තය ($180,000)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *