පසුගිය රජය සමයේ පැවති දැඩි අර්බුදකාරී තත්ත්වයන් යටතේ වුවද ජනතාවට සහන සැලසූ බවත්, වත්මන් රජය ජන පීඩනය පිළිබඳ සංවේදී නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.
රටට තෙල් නැවක්වත් ගෙන්වා ගැනීමට නොහැකිව අමාරුවෙන් සිටි වකවානුවක වුවද, ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීම වෙනුවෙන් රුපියල් 5,000 සහන දීමනාව අවස්ථා හතරකදී ලබා දීමට එවකට රජය කටයුතු කළ බව ඔහු සිහිපත් කළේය.
වත්මන් රජය ජනතාව මුහුණ දෙන ගැටලු දෙස මානුෂීයව නොබලන බවත්, ඔවුන්ට කිසිදු “තෙතමනයක්” නොමැති බවත් රාජපක්ෂ මහතා මෙහිදී චෝදනා කළේය.