පපුවේ ගින්දර නිවා, ලිපේ ගින්දර පත්තු කළ හැකි වටපිටාව නිර්මාණය කළේ අපි – සාගර කාරියවසම්

වත්මන් ආණ්ඩුව විසින් බඩු මිල ඉහළ දමමින් ජනතාවට අලුත් අවුරුදු සැමරීමට නොහැකි වටපිටාවක් සකස් කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

අද (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහ ලේකම්වරයා සඳහන් කළේ, ගෑස් සහ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති අතර, විදුලි ගාස්තුව ද වැඩි කර ඇති බවයි.

ජනතාවට අවුරුදු සැමරීමට තබා එදිනෙදා ජීවත් වීමට පවා නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත්, නමුත් එක පෑන් පහරින් සියල්ල වෙනස් කරන බව පවසා වත්මන් ආණ්ඩුව බලයට පැමිණි බවත් ඔහු ප්‍රකාශ කළා.

පීඩාකාරී තත්ත්වයෙන් ජනතාව මුදාගෙන, ලිපේ ගින්දර පත්තු කළ හැකි වටපිටාව නිර්මාණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *