තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනගන්නා සමයේ දේශපාලනය පටන්ගත් තමන්ගේ අවුරුදු 36ක දේශපාලන ජීවිතය තුළ විවිධ මර්ධනයන්ට මුහුණ දුන් නමුත්, රට හා රටේ ජනතාව දේශපාලන ව්‍යයසනයෙන් මුදවාගැනීමේ අධිෂ්ඨානය කිසිදා අත් නොහැරිය බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.
එම කාලය තුළ ජයග්‍රහණ හා පසුබෑම් එක සේ පැමිණි බවද, ඒවා හමුවේ ඇතැමුන් පක්ෂය අතහැර ගොස් අවලාද හා කුමන්ත්‍රණ දියත් කළද, තම ව්‍යායාමය කොතැන හෝ කෙදින හෝ ජයග්‍රහණය කරනු ඇතැයි යන අධිෂ්ඨානයෙන් තමන් දේශපාලනයේ යෙදුනු බවයි ඊයේ (09) තඹුත්තේගම තම ග්‍රාමයේ පැවති ජන රැළිය අමතමින් ඔහු සඳහන් කළේ.