ඉස්පිරිතාල බිල ගෙවන්න ගේ විකුණපු අපිටත්’හොරු’ ලේබලය වැදුණා” – ඩිලාන් පෙරේරා

සුගිය මැතිවරණයේදී ජනතාව ලබාදුන් තීන්දුව හමුවේ තම දේශපාලන පාර්ශවය දැවැන්ත පසුබෑමකට ලක්වූ බව හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය මැතිවරණ ප්‍රතිඵලය හරහා තම කණ්ඩායමේ “විකට් පොලු තුනම ගලවා දමන්නට” ජනතාව කටයුතු කළ බවයි.

දේශපාලනඥයන්ට එල්ල වූ පොදු දූෂණ චෝදනා හමුවේ, පෞද්ගලිකව පීඩාවට පත් වූ තමන් වැනි පිරිස් ද “හොරුන්” යන ගොඩටම දමා ජනතාව ප්‍රතික්ෂේප කළ බව ඔහු සඳහන් කළේය.

තමන් පෞද්ගලිකව දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දුන් අයෙකු බවත්, රෝහල් ගාස්තු පියවා ගැනීම සඳහා තමන් පදිංචි නිවස පවා විකුණා දැමීමට සිදු වූ බවත් ඔහු මෙහිදී අනාවරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *