වැලිකඩ රක්ෂිත බන්ධනාගාරයේ රැදවියෝ, අද දිනයේ ඔවුන්ගේ දිවා ආහාරය සදහා වෙන් කර තිබූ වියළි ආහාර සියල්ල, හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වෙත බෙදා දෙන ලෙස බන්ධනාගාර පාලනාධිකාරයෙන් ඉල්ලා ඇත.
ඒ අනුව, හාල් කිලෝ 750 ක්, කඩල කිලෝ 100 ක්, කව්පි කිලෝ 100 ක්, සීනි කිලෝ 100 ක් සහ පරිප්පු කිලෝ 100 ක්, ඔවුන් මෙසේ පරිත්‍යාග කර තිබේ.