හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය ජීවිතයේ අතිශය දුෂ්කර සහ සංවේදී අත්දැකීම් කිහිපයක් පිළිබඳව මාධ්‍ය හමුවේ අදහස් දක්වා තිබේ. එහිදී ඇය පවසා සිටියේ තම පියාගේ වියෝව සහ ඉන්පසු එල්ල වූ විවිධ පීඩාවන් හේතුවෙන් තමන් දැඩි මානසික කඩා වැටීමකට ලක් වූ බවයි.
තම පියා වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ මරණය සිදු වූ අවස්ථාව සිහිපත් කරමින් ඇය මෙසේ පැවසුවාය:
“මට එදා තමයි මගේ ජීවිතේ කඩා වැටුණුම දවස. මිනිස්සු මේ වගේ තත්ත්වෙට වැටෙන්න හොඳ නෑ. තාත්තාගේ මිනිය ගෙදර තියෙනකොට මම ගෝල්ෆේස් එකට ගිහින් කෑ ගහලා ඇඬුවා.”
එමෙන්ම තමන් ‘මිස් ශ්‍රී ලංකා’ තරගාවලියට ඉදිරිපත් වූ සමයේ ඇති වූ සිදුවීම් පිළිබඳව ද ඇය මෙහිදී අදහස් පළ කළාය. තම සහභාගීත්වය හේතුවෙන් අනෙකුත් තරගකාරියන්ට ද අසාධාරණයක් සිදු වූ බව පවසන ඇය, දේශපාලන මඩ ගැසීම් සඳහා එවැනි තරගාවලි භාවිතා කරන ආකාරය පිළිබඳව තම පියා එදා කළ අනාවැකියක් ද සිහිපත් කළාය.
“මිස් ශ්‍රී ලංකා යනකොටම තාත්තා මට කිව්වා ඔයාට මඩක් ගහන්න ඕනේ වුණාම ඕවගේ පින්තූර දාලා තමයි මඩ ගහන්නේ කියලා,”