බැංකු පොලියට ගහන බද්දෙන් බේරෙන්න ටින් අංකය ගන්න අධික පෝලිමක්

බැංකු පොලිය මත අය කෙරෙන රඳවා ගැනීමේ බද්ද නැවත බැංකු මගින් ඉල්ලුම් කිරීමේදී ‘බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය’ (TIN) අනිවාර්ය කර තිබෙන බැවින්, මේ දිනවල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවලින් එම අංකය ලබා ගැනීමට දිනකට දෙදහසකට අධික පිරිසක් පැමිණෙන බව අනාවරණය වේ.

මේ නිසා මේ දිනවල එම කාර්යාලවල දැඩි තදබදයක් පවතින බවද පැවැසේ.

රුපියල් ලක්ෂ 18 කට වඩා අඩු ආදායමක් ලබන පිරිසගේ බැංකු පොලිය මත අය කෙරෙන රඳවා ගැනීමේ බද්ද නැවත බැංකුවලින් ඉල්ලා සිටීමේ හැකියාව පවතින අතර, ඒ සඳහා ඉල්ලුම් කිරීමේ ලිපිය සමග ටින් අංකය තිබීම අනිවාර්ය කර තිබේ. බැංකු පොලිය මත රඳවා ගැනීමේ බදු ලෙස සියයට දහයක් (10%) ඉකුත් අප්‍රේල් මස 01 වැනිදා සිට අය කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *