බිරිදට රසට බිරියානි හදන්න බැරි නිසා සැමියා දික්කසාදය ඉල්ලයි

තම බිරිදට රසවත් ලෙස බිරියානි සැකසීමට නොහැකි නිසා ඇයගෙන් දික්කසාද වීමට අවශ්‍ය බව කියමින් ඩෙන්මාර්ක් ජාතික සැමියෙකු 03 දා යාපනය අධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා. 

41 හැවිරිදි මෙම ඩෙන්මාර්ක ජාතකයා යාපනයේ උඩුවිල් ප්‍රදේශයේ අවුරුදු 27ක කාන්තවක් සමග විවාහ වී ඇත්තේ මීට මාස හතරකට ඉහතදීයි. 

ඔහු බිරියානි කෑමට දැඩි රුචියක් දක්වන අතර බිරිදට රසවත් ලෙස බිරියානි සැකසීමට නොහැකි නිසා නිවසේ නිතරම අඩදබර සිදු වන බව ඔහු විසින් අධිකරණයට ගොණු කළ පෙත්සමේ සදහන් වෙනවා. 

තමන් අඩදබර කර ගැනීමට දැඩි අකැමති පුද්ගලයෙකු නිසා පූර්ණ නඩු විභාගයක් පවත්වා තමන්ට ඇයගෙන් නීත්‍යානුකූලව වෙන් වීමට අවසර ලබා දෙන ලෙසයි ඩෙන්මාර්ක් ජාතිකයා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *