විජේදාස රාජපක්ෂ දේශපාලනයෙන් සමු ගනියි

තමන් දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව තමන් ඉදිරියේ කිසිම මැතිවරණයකට ඉදිරිපත් නොවන බවත් ඔහු පැවසුවේය.

ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණීමෙන් අනතුරුව සිය දේශපාලන අනාගතය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

නැවත පාර්ලිමේන්තුවට පැමිණීමේ හැකියාවක් තිබේදැයි ඇසූ විට ආචාර්ය රාජපක්ෂ එය තරයේ ප්‍රතික්ෂේප කළේය. “නැහැ, මට එවැනි අභිලාෂයන් නැහැ,” ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *