අගමැතිවරිය ඉල්ලා අස්වෙන්න ඕන කියලා කවුරුත් කියන්නේ නෑ – ඇමති විජිත හේරත්

6 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය තුළ නුසුදුසු වෙබ් අඩවියක නාමයක් ඇතුළත් වීමේ සිදුවීමට අධ්‍යාපන අමාත්‍ය, අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉල්ලා අස්විය යුතු බවට සමාජයේ කවුරුත් ප්‍රකාශ නොකරන බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඒ අනුව, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම රජයේ ප්‍රතිපත්තියමය තීරණයක් බවත්, එය අගමැතිවරියගේ තනි තීරණයක් මත සිදු කරන දෙයක් නොවන බවයි අද (04) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *