අපි මන්ත්‍රීලා සල්ලිවලට ගන්නේ නෑ – ඇමති විජිත හේරත් කියයි

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හෙරත් මහතා පැවසීය.

කොළඹ මහ නගර සභාව ඇතුළු ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින ආයතනවල බලය ඉදිරියේදී පිහිටුවන බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික්ක කාර්යාලය යක්කල නගරයේ විවෘත කිරීමෙ උත්සවයේදීය.

මෙම උත්සවය අද පෙරවරුවේ පැවැත්විණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *