CIDයට ආ විමල් දොස්තර හමු­වෙන්න කියා හදි­සියේ පිටව යයි

කොළඹ වරායේ බහ­ලුම් තද­බ­ද­යක් ඇතිවූ අව­ස්ථා­වේදී නිසි පරී­ක්ෂා­ව­කින් තොරව නිද­හස් කළ කන්ටේ­නර් සම්බ­න්ධ­යෙන් මාධ්‍ය­යට කළ ප්‍රකා­ශ­යක් සම්බ­න්ධ­යෙන් හිටපු අමා­ත්‍ය­ව­ර­යකු මෙන්ම ජාතික නිද­හස් පෙර­මුණේ නායක විමල් වීර­වංශ මහ­තා­ගෙන් ප්‍රකා­ශ­යක් ගනි­මින් සිටි­යදී ඔහු තමාව අමා­රුවේ දැමී­මට යන්නේ­දැයි විම­ර්ශන නිල­ධා­රී­න්ගෙන් විම­ස­මින් වෛද්‍ය­ව­ර­යකු මුණ­ගැ­සී­මට වේලා­වක් වෙන් කර­ගෙන ඇති බව සඳ­හන් කර­මින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් පිටව ගිය බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් කළ දැනු­ම්දී­ම­කට අනුව විමල් වීර­වංශ මහතා ඊයේ (09) පෙර­වරු 10.00ට පමණ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමුවේ පෙනී සිටි­යේය. ඔහුව කැඳ­වී­මට මුල්වී ඇත්තේ ප්‍රශ්න­ගත බහ­ලුම් බස්නා­හිර පළාත් ආණ්ඩු­කා­ර­ව­ර­යාට සම්බන්ධ ව්‍යාපා­රික ආය­ත­න­ය­කට අයත් බවට කළ ප්‍රකා­ශ­යක් සම්බ­න්ධ­යෙන් තොර­තුරු විම­සී­ම­ටය. බස්නා­හිර පළාත් ආණ්ඩු­කාර හනීෆ් යූසුෆ් මහතා විසින් කරන ලද පැමි­ණි­ල්ල­කට අනුව එම විම­ර්ශ­නය ආරම්භ කර තිබෙන බව ද එම නිල­ධා­රියා කීය. ප්‍රශ්න­ගත කන්ටේ­නර් බස්නා­හිර පළාත් ආණ්ඩු­කා­ර­ව­ර­යාගේ ව්‍යාපා­රික ආය­ත­න­ය­කට අයත් බව පැව­සුවේ කුමන පද­න­ම­කි­න්දැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශන නිල­ධා­රීන් විමල් වීර­වංශ මහ­තා­ගෙන් විමසූ බව ද එම උසස් නිල­ධා­රියා සඳ­හන් කළේය. වරාය වෘත්තීය සමිති නාය­ක­ය­කුගේ නමක් එහිදී සඳ­හන් කර­මින් ඔහු විසින් ඒ බව සඳ­හන් කළ බව ඔහු පැවසූ බවත් එම වෘත්තීය සමිති නාය­කයා ඒ බව සඳ­හන් කරනු ලැබුවේ මාධ්‍ය හමු­වේදී බවත් විමල් වීර­වංශ මහතා පවසා ඇති බවත් එම නිල­ධා­රියා කීය. එහිදී විම­ර්ශන නිල­ධා­රීන් විසින් අදාළ වෘත්තීය සමිති නාය­කයා විසින් කන්ටේ­නර් රථ සම්බ­න්ධ­යෙන් මාධ්‍ය හමුවේ කළ ප්‍රකා­ශය ඇතු­ළත් වීඩි­යෝ­වක් පෙන්වා තිබේ. එම අව­ස්ථා­වේදී විමල් වීර­වංශ මහතා තමාව හිතා­මතා අමා­රුවේ දැමී­මට යන්නේ­දැයි විම­ස­මින් ප්‍රකාශ ලබා­දීම අත­ර­මඟ නතර කර පිටව ගොස් ඇත්තේ වෛද්‍ය­ව­ර­යකු චැනල් කර ඇති බව සඳ­හන් කර­මිනි.

විමල් වීර­වංශ මහතා එසේ පිටව ගොස් ඇත්තේ ඔහු විසින් ඒ වන විටත් පැය දෙකක පමණ කාල­යක් තිස්සේ ලබා දුන් ප්‍රකා­ශ­යට ද අත්සන් නොතබා බවත් වෙනත් දින­ය­කදී නැවත ප්‍රකා­ශ­යක් දීමට පැමි­ණෙන බවත් එහිදී ඔහු පවසා ඇති බවත් එම උසස් පොලිස් නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් පිට­තට පැමිණි විමල් වීර­වංශ මහතා ඒ සම්බ­න්ධ­යෙන් මාධ්‍ය­යට මෙසේ පැව­සීය.

“බස්නා­හිර පළාත් ආණ්ඩු­කාර එක්ස්පෝ ලංකා ආය­ත­නයේ හිමි­කරු, දැන් නම් ඔහු කියන්නේ ඔහු ඒකට සම්බ­න්ධ­යක් නැහැ කියලා. ඔහු විසින් කරන ලද පැමි­ණි­ල්ල­කට අනුව තමයි මම පව­ත්වපු මාධ්‍ය සාක­ච්ඡාව සම්බ­න්ධ­යෙන් ප්‍රශ්න කිරී­ම­කට අද කැඳ­වනු ලැබුවේ. ප්‍රකා­ශය දුන්නාට පසුව කියවා බලා මම අත්සන් කරන්න කලින් ඉහළ නිල­ධා­රි­ය­කුට ඒක නැවත යොමු කරන්න කියා ඉල්ලී­මක් ආවා. ඉහළ නිල­ධා­රි­ය­කුට යවල ආයෙ එයා කිය­වල ආයෙ එන­කන් මට ඉන්න බැරි නිසා මම අත්සන් කරන්න සහ ඕන නම් තව ප්‍රකා­ශ­යක් දෙන්න තව දව­සක එන්නම් කියන පොරො­න්දුව මත මම එත­නින් බැහැ­රව ආවා.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *