ඉරාන නෞකාවට මෙරට වරායකට ඇතුළු වීමට අවසර ලබා නොදෙන ලෙස දන්වමින් විදේශීය රටවල් ශ්‍රී ලංකා රජයට සහ නිලධාරීන්ට තර්ජනය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
අදාළ නෞකාවට වරායක නැංගුරම් ලෑමට අවසර ලබා දුනහොත් ශ්‍රී ලංකාවට ප්‍රහාර එල්ල කරන බවට ඉරානයේ සතුරු රාජ්‍යයන් විසින් අනතුරු අඟවා ඇති බව මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
“මෙම නෞකාවට වරායකට ඇතුළු වීමට ඉඩ නොදෙන ලෙස රජයේ නිලධාරීන්ට තර්ජනය කර තිබෙනවා. ඉරානයේ සතුරු රාජ්‍යයන් ශ්‍රී ලංකා රජයට පවසා තිබෙන්නේ අවසර දුන්නොත් ප්‍රහාර එල්ල කරන බවයි,” යනුවෙන් වීරවංශ මහතා වැඩිදුරටත් කියා සිටියේය.