ආණ්ඩුවේ අලුත්ම චිත්‍රපටිය ’’බන්ධනාගාර බස් රථය’’ – විමල් වීරවංශ කියයි

රතු වස්ත්‍රධාරියා අද කරන්නේ මහජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින්   සහන දීම නොව  උගුරු දණ්ඩ මිරිකන එක යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

ජනතාවගේ පීඩනය අමතක කිරීමට ආණ්ඩුව අද චිත්‍රපටියක් පෙන්නන බවත්  එම චිත්‍රපටියේ නම බන්ධනාගාර බස් රථය බවත්  ඔහු කීවේය.

රජයට  පාඩු කිරීමේ වරදට  අද සමහර  හිටපු ඇමතිවරුන් හිරේට දාන බවත් එතකොට  කන්ටේනර් සිද්ධියෙන් වුණේ  රජයේ දේපළ නැති කිරීමක් නොවේදැයි තමා ප්‍රශ්න කරන බවත්   වීරවංශ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *