හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් මෙරට ඖෂධ ප්‍රමිතිය සම්බන්ධයෙන් බරපතළ චෝදනාවක් එල්ල කර තිබේ.
ඔහු පෙන්වා දෙන්නේ, “කලින් ආණ්ඩු කාලේ මේ රටේ තිබුණේ බ්‍රිතාන්‍ය ප්‍රමිතිය හෝ ඊට ඉහළ ප්‍රමිතියේ බෙහෙත්. දැන් තිබෙන්නේ තුට්ටු දෙකේ ඉන්දියන් බෙහෙත්” යනුවෙනි.
මෙම ප්‍රකාශය හරහා හිටපු මන්ත්‍රීවරයා වත්මන් රජය සමයේ මෙරටට ආනයනය කරනු ලබන ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳව සිය දැඩි විවේචනය ඉදිරිපත් කර ඇත.