නොවැම්බර් 21 විපක්ෂයේ දැවැන්ත රැලියට සජිත්,දිලිත්,විමල් සහභාගී නොවන බව දැනුම් දෙයි

විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධව නොවැමර් 21 වන දා නුගේගොඩ දී පැවැත්වීමට නියමිත “මහා ජන හඬ” රැළියට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සහභාගී නොවන බව එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසා සිටියේ ය.

සමගි ජන බලවේගයට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුත-ු- සර්ව ජන බලයද නොවැම්බර් 21 මහා ජන හඩ රැළියට සහභාගී නොවන බව එම පක්ෂයේ ජාතික මෙහෙයුම් ප්‍රධානී මධුර විතානගේ පවසා තිබේ.

නුගේගොඩ ජන රැළිය සංවිධානය කිරීම සදහා ඉදිරිපත් ව සිටින විපක්ෂය රජයේම බළල් අතක් යැයි ඔහු චෝදනා කරයි.

මීට අමතරව, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුනද 21 නුගේගොඩ රැළියට ස්ථිර වශයෙන්ම සහභාගී වන බව නිවේදනය කර නැත.

එම පක්ෂයේ නායක විමල් වීරවංශ මහතා පවසන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, රණවිරු දඩයම, අභිචෝදක කාර්යාලය සහ එල්.බී.ජී.ටී.ක්‍යු ප්‍රවර්ධනය කිරීම ආදී කරුණු පිළිබදව පුළුල් එකඟතාවයකට පැමිණීමෙන් තොරව එක් වේදිකාවකට ගොඩවිය හැකි විපක්ෂ සන්ධානයක් ගොඩ නැංවිය නොහැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *