ලොව සංචාරය කළ යුතු ස්ථාන 52 අතරට මීගමුව ප්රදේශය නම් කිරීමට නිව්යෝර්ක් ටයිම්ස් සඟරාව පියවර ගෙන තිබෙනවා.
ඊට හේතු ලෙස ඔවුන් දක්වා ඇත්තේ මීගමුව ආසන්නයේ අන්තර්ජාතික ගුවන්තොටුපලක් පැවතීම සහ සුන්දර වෙරළතීරයක් පැවතීමයි.
මීට අමරතව තදබදය අඩු වීම සහ සිත් ගන්නා සුලු ආගමික සිද්ධස්ථාන පැවතීමද ඊට හේතු ලෙස දක්වා තිබෙනවා.