චීනය, එක්සත් ජනපදය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවල්, මෙරට මිනිරන් කර්මාන්තයේ ආයෝජන අවස්ථා ලබා ගැනීම වෙනුවෙන් සටන් වදිමින් සිටින බව ඩේලි මිරර් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කරයි.
ඒ, මේ වන විටත්, ඕස්ටේ්‍රලියාව සහ කැනඩාව මෙරට මිනිරන් කර්මාන්තයේ සිදුකර තිබෙන ආයෝජනයට අමතරව ය.
ලංකාවේ මිරින් සාපේක්ෂව ගත්කළ ලෝකයේ ඉහළම ප්‍රමිතියෙන් යුතු මිනිරන් බවට විශ්වාස කරයි.
මෙරට මිනිරන් කර්මාන්තයේ ආයෝජන අවස්ථා ලබා ගැනීමට තරග වැදී සිටින සමාගම් අතරෙන්, වැඩිම අගය එකතු කිරීමක් කළ හැකි කණ්ඩායම කවුද යන්නත්, ඉහළම කාර්මික යෙදවුම් සදහා එකී මිනිරන් උපයෝගීකරගත හැක්කේ කාටද යන්නත් සොයා බැලිය යුතුව ඇතැයි, භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් පවසා තිබේ.