ලොව ජනප්‍රිය සංචාරක ගමනාන්ත අතර ලංකාවට 4 වැනි තැන හිමි වෙයි

2024 වසරේ තනි සංචාරයන් සඳහා ලොව වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්ත අතර ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානයට පත්ව ඇත.

‘ෆ්ලෑෂ් පැක්’ සංචාරක වෙබ් අඩවිය සිදුකළ ඇගයීමකට අනුව ‘ෆෝබ්ස්’ ව්‍යාපාරික සඟරාව විසින් මේ බව අනාවරණය කර තිබේ. ශ්‍රී ලංකාවට ඉහළින් එම ලැයිස්තුවේ දැක්වෙන්නේ ජපානය, ආර්ජන්ටිනාව සහ ඊජිප්තුව යන රටවල්ය.

දුෂ්කර වසර ගණනාවකින් පසු ශ්‍රී ලංකාව සංචාරක ක්ෂේත්‍රයේ මේ වනවිට ඉදිරියට පැමිණෙමින් සිටින බව එම වෙබ් අඩවියේ ශ්‍රී ලංකාව පිළිබඳ තබා ඇති සටහනේ දැක්වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2023 වසරේ විදෙස් සංචාරකයන් 1,487,303ක් මෙරටට පැමිණ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *