වෙසෙක් පුන් පොහොය නිමිත්තෙන් එදා මෙදා තුර ඉදි කළ තොරණ අතුරින් ලොව විශාලතම තොරණ පාණදුර, ජයතිලක මාවතේදී ඊයේ (24) රාත්‍රියේ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු අයුරු. විදුලි බුබුළු එක් ලක්ෂ විසි දහසකට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත මේ තොරණ උසින් අඩි 82ක් සහ පළලින් අඩි 86ක් වන අතර, එමඟින් නන්දිවාණිජ කතා වස්තුව පිළිබිඹු වේ.
පාණදුර එක්සත් පොදු වෙළෙඳපොළ බෞද්ධ සමිතිය 66 වැනි වරට ප්‍රදර්ශනය කරන තොරණ මාලාව යටතේ මේ තොරණ නිර්මාණය කර ඇති අතර, සසිත චතුරංග මහතා විසින් එහි සිතුවම් නිමවා තිබේ. එළඹෙන 30 දා තෙක් මෙය ප්‍රදර්ශනය කෙරේ.