තවත් වසංගතයක් – ලොව පුරා හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

එම් පොක්ස් හෙවත් වඳුරු උණ වසංගතය ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ වන විටත් අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල පැතිර යන එම් පොක්ස් පළමුව හඳුනා ගැණුනේ කොංගෝ ජනරජයෙන්. 

මුල් අවධියේ මන්කි පොක්ස් ලෙස හැඳින්වූ මෙම වසංගතය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 450 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වසංගතය මේ වන විට මධ්‍යම සහ නැගෙනහිර අප්‍රිකාවේ ප්‍රදේශ පුරා ද ව්‍යාප්ත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එබැවින් විද්‍යාඥයින් පවසන්නේ මෙම වසංගතයේ නව ප්‍රභේදය කෙතරම් වේගයෙන් ව්‍යාප්ත වන්නේද යන්න සහ එහි ඉහළ මරණ අනුපාතය පිළිබඳ සැලකිලිමත් විය යුතු බවයි.

එම් පොක්ස් පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය වන අතර, ස්පර්ශය, ලිංගික ක්‍රියාකාරකම්, මෙන්ම වෙනත් පුද්ගලයෙකුට සමීපව කතා කිරීම හෝ ආශ්වාස කිරීම වැනි සමීප සම්බන්ධතා මගින් එය බෝ විය හැකි බව විද්‍යාඥයින් පවසනවා. 

පළමුව සම මතුපිට තුවාල සමග පැතිරෙන රෝගය පසුව මාරාන්තික විය හැකි බවටයි පැවසෙන්නේ.

රෝගාතුර වූ පුද්ගලයින් අතරින් මරණ අනුපාතය සියයට 10ක්. 
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *