ළඟ තිබුණු සියළු ගිනි අවි යෝෂිත භාර දෙයි

යෝෂිත රාජපක්ෂ, ඔහු විසින් ආරක්ෂක අමාත්‍යංශයට භාර දී නොතිබුණු ඉතිරි ගිනි අවි දෙකත් මේ වන විට ආරක්ෂක අමාත්‍යංශයට භාර දී ඇති බව වාර්තා වේ.

යෝෂිත රාජපක්ෂට ගිනි අවි නමයක් නිකුත් කර තිබුණු බවත්, ඉන් හතක් ඔහු භාර දී ඇති බවත් ඊයේ දිනයේ දී හෙළි විය.

කෙසේ වෙතත්, මේ වන විට ඔහු තමන් සතුව තිබුණු සියළු ගිනි අවි රජයට භාර දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *