ඔයාලා දැන් අවලංගු කාසි,වර්ජනය අතහැර වැඩට එන්න – චතුර අල්විස්ගෙන් වෛද්‍යවරුන්ට දැඩි ප්‍රකාශයක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ක්‍රියාත්මක කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි ලෙස විවේචනය කරමින් ප්‍රවීණ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ. එහිදී ඔහු අවධාරණය කර සිටියේ වෛද්‍යවරුන් බහුතරයක් මෙම වර්ජනය ප්‍රතික්ෂේප කර ඇති බැවින්, වර්ජනය අතහැර වහාම සේවයට වාර්තා කළ යුතු බවයි.

වෛද්‍යවරුන් 435 දෙනෙකුගෙන් මේ වන විට GMOA සංගමයේ තර්ජන වලට බිය වී සිටින්නේ 18 දෙනෙකු පමණක් බවත්, ඉතිරි පිරිස සංගමයේ මතයට එකඟ නොවන බවත් ඔහු පවසයි.

මින් පෙර සංගමයට හිතවත් පිරිස්වලට පත්වීම් ලබා දීමේ ක්‍රමවේදයක් පැවති බවත්, වර්තමානය වන විට එම ක්‍රමය අවසන් වී ඇති බවත් ඔහු සඳහන් කළේය. මින් පෙර අවංකව වැඩ කළ මිනිසුන් මෙම ක්‍රමය නිසා දැඩි පීඩාවට පත්වූ බව ද ඔහු පෙන්වා දුන්නේය.

මෙම වර්ජනය සඳහා ජනතාවගේ කිසිදු සහයෝගයක් නොමැති බවත්, වෛද්‍යවරුන් පිරිසක් වසර 13-14 ක් වැනි දීර්ඝ කාලයක් එකම ස්ථානවල රැඳී සිටිමින් සිදුකළ ක්‍රියාවන් පිළිබඳව රජය දැන් අවබෝධ කරගෙන සිටින බවත් ඔහු පවසා සිටියි.

ඔයාලා දැන් අවලංගු කාසි.. මේ වෙලාවේ ජනාධිපතිවරයාටවත් මැදිහත් වෙන්න දෙයක් නැහැ. වර්ජනය අතහැරලා වැඩට එන්න,” යනුවෙන් චතුර අල්විස් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *