ලක් මාතාවට යළි රන් පදක්කමක් ගෙන්න යුපුන් අබේකෝන් සහ තරුෂි ඩුබායි තරග බිමට යයි


එක්සත් අරාබි එමීර් – ග්‍රෝන් ෆ්‍රී මලල ක්‍රීඩා තරගාවලිය ඩුබායි නුවරදී මැයි 3 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුපුන් අබේකෝන්, තරුෂි දිල්සරා, ගයන්තිකා අබේරත්න සහ නදීෂා රාමනායක සහභාගී වෙනවා.

එහිදී යුපුන් අබේකෝන් මීටර් 100 (පිරිමි) ඉසව්වටත්, තරුෂි දිල්සරා හා ගයන්තිකා අබේරත්න මීටර් 800 (කාන්තා) ඉසව්වටත් තරග කිරීමට නියමිත අතර නදීෂා රාමනායක මීටර් 400 (කාන්තා) ඉසව්ව සඳහා තරග වැදීමට නියමිතයි.

මෙම තරග සංචාරයෙහි ඇති වැදගත්කම වන්නේ, ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එළැඹෙන පැරිස් ඔලිම්පික් උළෙල සඳහා නිර්දේශ ලබා ගැනීමේ අවස්ථාව හිමිව තිබීමයි.

යුපුන් අබේකෝන් සමග ඔහුගේ ඉතාලි ජාතික පුහුණුකරු සහ භෞතික චිකිත්සකවරයකු ඩුබායි ග්‍රෝන් – ෆ්‍රී මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වීමට නියමිත බවටද තොරතුරු වාර්තා වන අතර ඒ සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය ගුවන් ප්‍රවේශපත්‍ර වියදම් දැරීම සම්බන්ධිකරණය කර ඇති බවද සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *