ජෙට් සහ ගුවන් යානාවලට අවශ්‍ය අතිශය දුර්ලබ සර්කෝනියම් ලංකා පොලොවෙන් මතු වෙයි


ජෙට් සහ ගුවන් යානා එන්ජින් ඇතුළු අධික උෂ්ණත්වයට ඔරොත්තු දිය හැකි භාණ්ඩ නිෂ්පාදනයට යොදා ගන්නා මූලද්‍රව්‍යක් වන සර්කෝනියම් සෙරමික් මූලද්‍රව්‍යය මෙරට පුල්මුඩේ ඛනිජ වැලි නිධියෙන් පළමු වරට සොයා ගෙන තිබෙනවා.

ඒ රජරට විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සිදු කළ පර්යේෂණයකදී.

එම මූලද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදන සඳහා අවශ්‍ය පේටන්ට් බලපත්‍රයද හිමිව ඇත්තේ රජරට විශ්ව විද්‍යාලයටයි.

ආවර්තිතා වගුවේ 40 වැනි මූලද්‍රව්‍ය වන සර්කෝනියම් ඉතා දැඩි උෂ්ණත්වයකට පවා ඔරොත්තු දිය හැකි මූලද්‍රව්‍යයක්.

මෙම මුලද්‍රව්‍යය උපයෝගී කරගනිමින් ජෙට් සහ ගුවන් යානා එන්ජින් , සෙරමික්, බල්බ පිලමන්ට් නිෂ්පාදනය සිදුකෙරෙන අතර අස්ථි සැක්කම් සහ දන්ත සැත්කම් ආදිය සඳහාද සර්කෝනියම් උපයෝගී කරගනු ලබනවා.

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් සර්කෝනියම් මූලද්‍රව්‍යය සොයාගෙන නොතිබූ අතර රජරට විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සිදුකළ පර්යේෂණයකින් එම මූලද්‍රව්‍ය මෙරට පුල්මුඩේ ඛනිජ වැලි නිධියෙන් සොයා ගැනීමට සමත් වී තිබෙනවා.

මෙම සොයාගැනීමත් සමග සර්කොනියම් නිෂ්පාදනය කිරීමට මෙරටට අවශ්‍ය පේටන්ට් බලපත්‍රයද රජරට විශ්ව විද්‍යාලයට හිමිවීම විශේෂත්වයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *