බන්ධනාගාරගත කර සිටින දුමින්ද සිල්වාට වැලිකඩ බන්ධනාගාර රෝහල තුළදී විශේෂ පහසුකම් ලබා දී ඇති බව හුවා දක්වමින් සමාජ මාධ්‍යවල සංසරණය වන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් ගාමිණී බී. දිසානායක පවසයි.
කිසියම් පිරිසකගේ පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීමේ අරමුණෙන් එවැනි අසත්‍යය පුවත් ප්‍රචාරය කරමින් සිටින බව ත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය හා සමස්ත බන්ධනාගාර දෙපාර්තමේන්තුව ම අපකීර්තියට පත් කිරීම ඔවුන්ගේ අරමුණවී ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, බන්ධනාගාරගත කෙරෙන සෑම රැඳවූවෙකු එම රෝහලක් තුළ හෝ වෙනත් රජයේ රෝහලක් තුළ නේවාසිකව ප්‍රතිකාර ගත යුතුද නැති ද යන්න පිළිබඳව නිර්දේශ කරනු ලබන්නේ බන්ධනාගාර රෝහල් වෛද්‍යවරුන් විසින් මිස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා හෝ එම බන්ධනාගාර අධිකාරිවරුන් විසින් නොවන බව ය.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් යොමු කරන මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරට ත් පවසන්නේ, දුමින්ද සිල්වා සම්බන්ධයෙන් සිදු කරනු ලබන එවැනි අසත්‍ය ප්‍රචාර දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනු ලබන බව ත් බන්ධනාගාර රෝහල තුළ ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා මේ වන විට සාමාන්‍ය සිර වාට්ටුවක් යොමු කර ඇති බව ත් ය.