හිටපු අමාත්‍යවරයෙකු වූ බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් වූ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මෙම පැමිණිල්ල රුපියල් කෝටි 10.3 (රුපියල් මිලියන 103) ඉක්මවන මුදල් වංචා හෝ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වන බවට තොරතුරු ලැබී ඇත.