සමෘද්ධිලාභීන්ගෙන් 12%ක් සල්ලිකාරයෝ – ලෝක බැංකුව කියයි

සමෘද්ධි ප්‍රතිලාභ ලබන අයගෙන් සියයට 12ක පමණ පිරිසක් ධනවත් අය බැව් ලෝක බැංකු ඇස්තමේන්තුවලට අනුව තහවුරු වී ඇත.

94 වසරේ සිට මේ දක්වා කාලයේ දී සමෘද්ධි ප්‍රතිලාභින් හඳුනා ගැනීම සඳහා අනුගමනය කරනු ලැබූ දුර්වලතාවයන් හේතුවෙන් එම තෝරා ගැනීමේ ක්‍රියාවලිය දේශපාලනකරණය වීම සඳහා ඉඩ සැලසී තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස සමෘද්ධි වැඩසටහන වෙත ප්‍රතිලාභීන් ඇතුළත් කිරීමේ දී සහ ඉන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාණාත්මක දෝෂවලින් සමන්විත වී ඇති බව ද ලෝක බැංකුව පෙන්වා දෙයි.

එමෙන්ම මෙරට සාර්ව ආර්ථිකය කඩා වැටීම සඳහා බලපාන එක් ප්‍රධාන සාධකයක් බවට පත්ව ඇත්තේ දුර්වල මුදල් ප්‍රදානයන් සහිත සමාජ ආරක්ෂණ වැඩසටහන් බව මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන්ව ඇත. මෙකී දුර්වලතාවන් හේතුවෙන් පසුකාලීන රජය විසින් සමාජ සුබසාධන හා සමාජ ආරක්ෂණ වැඩසටහන්වල දී විකල්ප ක්‍රමවේද භාවිතා කරනු ලැබීය.

එහෙත් එම ක්‍රියාමාර්ගවලින් ද ඉලක්කගත අරමුණු ඉටුනොවුණි. දිගින් දිගට ධනවත් පුද්ගලයින් වෙත විශාල වශයෙන් ප්‍රතිලාභ ගලායෑම සිදුවිය. රජය විසින් සමෘද්ධි ප්‍රතිලාභ ගෙවීම සඳහා වසරකට රුපියල් බිලියන 90ක වියදමක් දරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *