විදෙස් රටවලදී ඇල්ලූ පාතාල කෙරුමෝ 13ක් අද හෙටම ලංකාවට ගේනවා – පොලිස්පති කියයි

විදේශ රටවලදී අත්අඩංගුවට පත්ව සිටින පාතාල අපරාධකාරයන් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 13 දෙනකු ළඟදීම මෙරටට රැගෙන ඒමට නියමිත බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

ජාත්‍යන්තර පොලිසිය සමග ශ්‍රී ලංකා පොලිසිය පසුගිය කාල සීමාවේ පවත්වාගෙන ගිය විමර්ශන සහ වැටලීම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම අපරාධකාරයන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස්පතිවරයා පවසයි. වසරකටත් අඩු කාලසීමාවක් තුළ විදේශගතව සැඟවී සිටි මෙරට දරුණු අපරාධකාරයන් තිස්දෙදෙනකු (32ක්) මෙරටට රැගෙන ඒමට හැකි වූ බවද ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටියි.

ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව සිටින දරුණු අපරාධකරුවන් අතර කොණ්ඩ රංජි, පරවි සුදා, බටුවත්තේ චාමර, වනාතේ ලොකු මල්ලි ඇතුළු තවත් පිරිසක් සිටින බවද පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *