පාස්කු ප්‍රහාර නඩුවේ චූදිතයින් 24න් 15ක් වරදකරු කරයි – 09ක් නිදොස්කොට නිදහස් කරයි

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව මේ වනවිට ප්‍රකාශ කරමින් පවති.

ඒ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

ඒ අනූව අදාළ විත්තිකරුවන් 24දෙනා අතුරින් විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කර ඇත.

අප වාර්තාකරු පැවසුවේ සෙසු විත්තිකරුවන් 09දෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කෙරුණු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *