1994 සිට රාජ්‍ය බැංකුවලින් රුපියල් ලක්ෂ 50ත් 100ත් අතර මුදල් ලබාගත් මැති ඇමැතිවරුන්ගේ නම් ලැයිස්තුව සහ ඔවුන් ලබාගත් මුදල් පිළිබඳ වාර්තාවක් ඉල්ලීමට අද (30දා) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශය වෙත යන බව ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පවසයි.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම ඉල්ලීම සිදුකරන බවත් එයින් පසු ජනතාව වෙත එම තොරතුරු දැනගැනීමට සලස්වන බවත් පෙරේදා (28දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේය.