දීමනා සහ පහසුකම් අඩු නිසා ලොක්කෝ 20 ක් පාර්ලිමේන්තුවේ රැකියාව අත්හරියි

දීමනා හා පහසුකම් අඩුකම මෙන්ම  වෙනත් විවිධ හේතු කාරණා  හේතුවෙන්  ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික  නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු විවිධ තරාතිරම්වල නිලධාරීන්   විසි දෙනෙකු  පසුගිය වසරක පමණ කාලයේදී  පාර්ලිමේන්තු සේවය හැර ගොස් ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ඉංජිනේරු  මෑත දී සේවයෙන් ඉවත්ව ගිය  නිලධාරියාය. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය සතියේදී පාර්ලිමේන්තු ප්‍රධානීන්ට බාර දුන්නේය.

පාර්ලිමේන්තු සේවයෙන් මෙසේ ඉවත්ව ගොස් ඇති සෙසු සියලු දෙනාද උපාධිධාරීහු වෙති. මෑතකදී පාර්ලිමේන්තු නිලධාරීන් සහ  භාෂා පරිවර්තකයන් ලෙස පත් කෙරුණු නිලධාරීන් පිරිසක්ද එම තනතුරුවලට පත්කර දින කිහිපයකින් සේවය හැර ගොස් ඇතැයි දැනගන්නට ඇත.

මින් බොහෝ දෙනෙකු පෞද්ගලික අංශයේ  ආයතන වලට සහ  දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි  රජයේ ආයතනවලට ගොස් ඇත.

පාර්ලිමේන්තුවේ දීමනා සහ සේවා පහසුකම් අඩුවීම සේවයෙන් ඉවත් වීමට බලපා ඇති ප්‍රධාන හේතු කාරණාවේ. පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට  කාලයක සිට විශේෂ වරප්‍රසාදයක්ව පැවැති  නිවාඩු හිලව්දීමනාවද( Leave Encashment ) තවත් දීමනා කීපයක්ද නව රජය බලයට පත්වීමෙන් පසු   අහෝසි කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *