ලබන වසරේ (2025) සිට ජාතික නිදහස් උළෙල ප්‍රභූන් වෙනුවෙන් නොව රටේ ජනතාව වෙනුවෙන් පැවැත්වීමට රජය අපේක්ෂා කරනවා යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කියා සිටියාය.
ඇය මේ බව කියා සිටියේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් හා මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග එම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදීය. මෙහිදී අගමැතිනිය මෙසේද කීවාය.
“මෙතෙක් කලක් මේ රටේ නිදහස් දින උළෙල පැවැත් වුණේ ප්‍රභූන් වෙනුවෙන්. 2025 සිට නිදහස් උළෙල රටේ ජනතාව වෙනුවෙන් පැවැත්වීමට රජය අපේක්ෂා කරනවා. නිදහස් උත්සවයෙන් පාසල් දරුවන්ට, සාමාන්‍ය ජනතාවට පීඩාවක් නොවන ලෙස එය සංවිධානය විය යුතුයි.