2025 වසරේ ජනවාරි සිට ජූනි දක්වා වූ මාස හයක කාලය තුළ සැකසහිත මුදල් ගනුදෙනු 1468 ක් මහබැංකු බුද්ධි අංශයට වාර්තා වී ඇති බව පැවසේ. 

ඒ අනුව, අදාල සැකසහිත ගනුදෙනු පිළිබදව විමර්ශන අරඹා ඇති මහබැංකු බුද්ධි අංශය, වැඩි දුර විමර්ශන සදහා රටවල් රැසකින් වාර්තා කැදවා තිබේ. 

එසේ වාර්තා කැදවා ඇති රටවල් අතර සිංගප්පූරුව, එක්ස්ත අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, එක්සත් ජනපදය, හොංකොන්, එක්සත් රාජධානිය, තායිලන්තය, ප්‍රංශය, බෙල්ජියම, ෆින්ලන්තය, කැනඩාව සහ මැඩගස්කරය ආදී රටවල් වේ.

මහබැංකු බුද්ධි අංශය මෙසේ තොරතුරු ඉල්ලා සිටින්නේ, මුදල් විශුද්ධිකරණය හෝ ත්‍රස්තවාදයට මුදල් යෙදවීම වැන සැකසහිත මූල්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධයෙනි. 

වසරේ මුල් මාස හය තුළ සැකසහිත ගනුදෙනු පිළිබද වාර්තා 1468 ක් මහබැංකු බුද්ධි අංශයට වාර්තා වී තිබේ. ඉන් 89% ක් බලපත්‍රලාභී බැංකු වලින් ලැබී තිබේ. 

අසාමාන්‍ය මුදල් ආපසු ගැනීම් හෝ තැන්පත් කිරීම්, ආර්ථික තාර්කිකත්වයක් නොමැති ගනුදෙනු, සැකසහිත වෙළදාම පදනම් කරගත් මුදල් විශුද්ධකරණය පිළිබදව මෙම වාර්තා තුළ ඇත-ුළත් ය. 

සන්ඩේ ටයිම්ස් පුවත්පත ඇසුරෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *