වහාම රියදුරු බලපත්‍ර්‍ර ලක්ෂ 21ක් අවලංගු කරයි

අලුත්කර නොහැකි සියලු රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කර බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසීය.

වාර්තා වන රිය අනතුරු සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන තිබේ.

ඒ අනුව අලුත් කල නොහැකි බරවාහන රියදුරු බලපත්‍ර ලක්ෂ 11 පමණ තොගයක් මේ වසර අවසන් වීමට පෙර අවලංගු කෙරෙන බව පැවසීය.

එම රියදුරු බලපත්‍ර ලාභීන්ට සහන කාලයක් තුළ නව රියදුරු බලපත්‍ර ලබා ගැනීම සිදුකර හැකිය.

ඒ සඳහා නිසිපරිදි ඔවුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා මුහුණ දිය යුතු බව පැවසීය.

මීට අමතරව අලුත් කල නොහැකි සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර හිමියන් ලක්ෂ 10 බලපත්‍ර ද ඉදිරියේදි අවලංගු කිරීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *