රුපියල් බිලියන 20 – 25ත් අතර ආයෝජනයක් සිදු කරමින් වී මෙට්‍රික් ටොන් එක් ලක්ෂ පනස්දහසක ධාරිතාවකින් යුතු නවීන තාක්ෂණයේ වී මෝලක් ඇතුළු කර්මාන්තශාලාවක් මිහින්තලය ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට කටයුතු කරන බව වෙළෙඳ වාණිජ හා සමුපකාර ඇමැති වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.
වී මෝල ඇතුළු එම කර්මාන්තශාලාව පිහිටුවීම පිළිබඳව පසුගියදා (04) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.
එහිදී තවදුරටත් මෙසේ ද සඳහන් කළේය.
“වියළි වී වලට අමතරව ප්‍රදේශයේ ගොවි ජනතාවගෙන් තෙත වී මිලදී ගැනීමේ යන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් සහල් ආශ්‍රිත නිෂ්පාදන ඇති කිරීම අරමුණයි. මීට අමතරව ඊට සමගාමීව සහල්වලින් නිෂ්පාදිත නූඩ්ල්ස් හා පරිභෝජනයට ගන්නා තෙල් ඇතුළු නිෂ්පාදන කිහිපයකින් යුතු කර්මාන්තශාලාවක් පෞද්ගලික අංශයේ සහාය ඇතිව ස්ථාපිත කිරීමට කටයුතු කරනවා.
එල් නිනෝ තත්ත්වය පිළිබඳවද මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වගා හානි සම්බන්ධයෙන් වන්දි ගෙවීමට කටයුතු කරන අතර පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට අවශ්‍ය මැදිහත්වීමද රජය සිදු කරනවා.
උද්ගතව ඇති එල් නිනෝ තත්ත්වය කලාපීය අනිත් රටවලටද බලපා ඇති බැවින් දැනට භාණ්ඩ ආනයනය කරනු ලබන රටවලට ගැටලු ඇති වන්නේ නම් එම ආනයනික භාණ්ඩ වෙනත් රටවලින් ආනයනය කිරීම පිළිබඳව ආනයනකරුවන්ගේ අවධානය යොමු වී තිබෙනවා. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම කාලය වසර දෙකකින් වැඩි කිරීමට කටයුතු කරනවා මිසක ප්රජාතන්ත්රවාදය අහිමි වන ක්‍රියාවක් සිදු නොවන බවත් මේ වන විට අධිකරණය ස්වාධීනව හා සක්‍රියව කටයුතු කරන බැවින් එයට විරුද්ධව විපක්ෂය විවිධ චෝදනා ඉදිරිපත් කරනවා.“ යැයි පැවසීය.
කිසිවිටෙකත් පොලීසිය විසින් තහවුරු කළ නොහැකි සාක්ෂි අධිකරණයට ඉදිරිපත් නොකරන බවත් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සාක්ෂි නිර්මාණය කළ ආකාරය නාමල් රාජපක්ෂ විසින් සිය මවගෙන්ම අසාගත යුතු බව ද පවසන වසන්ත සමරසිංහ මහතා තවදුරටත් කියා සිටියේ නීතිය ක්‍රියාත්මක කරන විට ඊට එරෙහිව ආණ්ඩුව විවේචනය කරන බවයි.
ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පවතින නීතිය අනුව ක්‍රියාත්මක වනවා මිසක සජිත් ප්‍රේමදාස හෝ නාමල් රාජපක්ෂට අවශ්‍ය පරිදි සිදු කළ නොහැකි බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
අනුරාධපුර අතිරේක