රට නඟන අරමුදලට ගංගාරාමයෙන් කෝටි තුනක් පරිත්‍යාග කරයි

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානය රුපියල් කෝටි තුනක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළේය.

ඊට අදාළ චෙක්තපත කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නා හිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (4) බාර දුන්හ.

ගංගාරාම විහාරස්ථ ස්වාමීන් වහන්සේලා සහ විදේශීය ස්වාමීන් වහන්සේලා පිරිසක්ද, දායක සභාවේ සාමාජිකයෝ සහ විදෙස් නියෝජිත පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *