ටිකට් නොදෙන කොන්දොස්තරලාට දින 03ක තහනමක් පැනවීමට‌ තීරණය කරයි

මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බස්නාහිර පළාතේ බස් කොන්දොස්තරවරුන්ගේ සේවය අත්හිටුවීමට පියවරගෙන ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරයි.

ඉකුත් 03 වැනිදා සිට මේ ක්‍රියාමාර්ගය ගෙන තිබෙන බවත් ඒ අනුව ප්‍රවේශපත්‍ර ලබා නොදීමේ වරදට හසුවන ​ෙපෟද්ගලික බස් කොන්දොස්තරවරුන්ට පළමු අදියර යටතේ දින තුනක සේවය අත්හිටුවීමක් සිදුකරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *