කෝටි 47 ලොතරැයි ජයග්‍රාහකයාට තමාට හිමි චෙක්පත ලබා දෙයි

ශ්‍රී ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල වූ කෝටි 47 ජය මල්ල (ලක්ෂ 474 ) දිනූ ජයග්‍රහකයාට අදාළ චෙක්පත පිරිනැමීම ඊයේ (17) ජාතික ලොතරැයි මණ්ඩලයේදී සිදුකෙරිණි.ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් ලොතරැයියෙන් මේ ලක්ෂ 474 දිනුම හිමිවී තිබූ අතර එම ටිකට් පත අලෙවි වී තිබුණේ ගොකරැල්ල ප්‍රදේශයෙනි.

කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය විසින් ජයග්‍රාහකයා වෙත අදාළ චෙක්පත පිරිනමනු ලැබීය.කොළඹ නියෝජ්‍ය පුරපති හේමන්ත වීරකෝන්,ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී.සී.ඒ.පෙරේරා සහ සාමාන්‍යාධිකාරී ඒ.එම්.අරීෆ් මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *