වසර හතක් පැරණි වාහන ගේන්න යෝජනා : අලුත් එකක ගානෙන් වාහන 04ක් ගන්න පුළුවන්

වාහන ආනයනය සම්බන්ධයෙන් රජයට නව යෝජනාවලියක් ඉදිරිපත් කල බව වාහන ආනයන කරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පැවසීය.

ඒ අනුව අවුරුදු 07ක් පැරණි ජපන් වාහන ආනයනය කිරීමට අවස්ථාව ඉල්ලා තිබේ.

ඒ අනුව කටයුතු කිරීමෙන් එක් වාහනයක් ගන්නා මුදලින් වාහන 04ක් මිලදී ගැනීමට හැකි වෙයි.

එමගින් විදේශීය විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙයි.

ජනතාවට දරා ගත හැකි මිලකට ඒ අනුව වාහනයක් මිලදී ගැනීමට හැකි බව වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *