ඩොලර් මිලියන 8.5 ක ආයෝජන ව්‍යාපෘතියකට
මුල්ගල තබමින් එක්සත් ජනපද තානාපතිනිය කියයි.
එක්සත් ජනපදයේ ප්‍රමුඛතම ආරක්ෂක උපාංග නිෂ්පාදන සමාගමක් වන ෂීල්ඩ් සමාගම ලංකාව තුළ ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සූදානම් වෙයි.
වතුපිටිවල පිහිටි අපනයන සැකසුම් කලාපයේ සමාගම ඔවුන්ගේ කර්මාන්ත ශාලාව ස්ථාපිත කිරීමට සූදානම් වන අතර, ඒ සදහා මුල්ගල් තැබීම ඊයේ දිනයේ දී සිදු විය.
මෙම අවස්ථාවට මෙරට එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග් මහත්මියද සහභාගී වී තිබුණි.
මෝටර් රථවල ආරක්ෂක පටිය නිෂ්පාදනය කිරීම මෙම කර්මාන්ත ශාලාව තුළ සිදු කිරීමට නියමිත ය.
මෙය ඇමරිකානු ඩොලර් මිලියන 8.5 ක ආයෝජනයකි.
රට තුළ දූෂණ විරෝධී පරිසරයක් නිර්මාණය වුවහොත්, තව තවත් ඇමරිකානු ආයෝජන ආකර්ශනය කර ගත හැකි වනු ඇතැයි මෙරට එක්සත් ජනපද තානාපතිනිය පැවසූවා ය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන වෙලද පොල ඇමරිකාව බව පැවසූ තානාපතිනිය එවැනි පසුබිමක් තුළ මෙවැනි ආයෝජනයක් ලංකාවට පැමිණීම අතිශයින්ම වැදගත් බව අවධාරණය කළා ය.