රුපියල් 2000 ක් අල්ලස් ගත් පොලිස් කොස්තාපල් වසර 8 ක් හිරේට යවයි

අල්ලස් කොමිසමේ තවත් වැඩක්..! රුපියල් දෙදහසක අල්ලසක් ගත් පොලිස් කොස්තාපල් වසර 8 ක් හිරේ..!

ඡන්දය දීමේ අයිතියත් අත්හිටුවයි. 

කන්තලේ සිට පිළියන්දල දක්වා වැලි ප්‍රවාහනය කරමින් සිටි ටිපර් රථ රියැදුරෙකුගෙන් රුපියල් දෙදහසක අල්ලසක් ලබා ගත් පොලිස් කොස්තාපල් වරයෙකු වසර අටක සිරදඩුවමකට යටත් කොට තිබේ. 

අල්ලස් කොමිසම විසින් අදාල පොලිස් නිළධාරියාට එරෙහිව නඩු පවරා තිබුණි. 

සිර දඩුවමට අමතරව, අගතියට පත් ටිපර් රථ රියැදුරාට රුපියල් පනස් දහසක වන්දියක් ගෙවීමටද පොලිස් නිළධාරියාට නියෝග කර තිබේ. 

ඊට අමතරව ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතියද ඔහුගෙන් ඉවත් කිරීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පියවර ගෙන තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *