විදුලි හා ජල බිල් ගෙවා නියෝජ්‍ය කථා­නා­යක නිල නිවෙස භාර දෙයි

නියෝජ්‍ය කථා­නා­ය­ක­ව­රයා ලෙස තමන් පාර්ලි­මේ­න්තුවේ සිටි කාල­යේදී භාවිත කළ නිල නිවෙස නීත්‍ය­නු­කූ­ලව රාජ්‍ය පරි­පා­ලන හා ස්වදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය වෙත භාර දී ඇති බව පාර්ලි­මේ­න්තුවේ හිටපු නියෝජ්‍ය කථා­නා­යක අජිත් රාජ­පක්ෂ මහතා අව­ධා­ර­ණය කරයි.

තමා නිල නිවා­සයේ සිටි කාල­යට අදාළ සියලු විදුලි බිල්, ජල බිල් ගෙවා අව­සන් කර අදාළ වාර්තා ඔක්තෝ­බර් මස 01 වැනිදා රාජ්‍ය පරි­පා­ලන හා ස්වදේශ කට­යුතු අමා­ත්‍යාං­ශ­යට භාර දී ඇති බවද හිටපු නියෝජ්‍ය කථා­නා­යක අජිත් රාජ­පක්ෂ මහතා පව­සයි.

ඊට අම­ත­රව ඔක්තෝ­බර් මස 01 වැනිදා දක්වා නිල නිවා­ස­යට අදාළ කුලී මුදල ද සම්පූ­ර්ණ­යෙන්ම ගෙවා අව­සන් කර ඇති බව පාර්ලි­මේ­න්තුවේ හිටපු නියෝජ්‍ය කථා­නා­යක අජිත් රාජ­පක්ෂ මහතා අව­ධා­ර­ණය කරයි.

අදාළ inventory (භාණ්ඩ ලේඛ­නය) පරීක්ෂා කිරීම සඳහා නිල නිවා­සයේ යතුර ද භාර දී ඇති බව හිටපු නියෝජ්‍ය කථා­නා­යක අජිත් රාජ­පක්ෂ මහතා සිහි­පත් කරයි.

එවැනි අව­ස්ථා­ව­කදී තමා තවම නිල නිවා­සය භාර දී නොමැති බවට ඇතැම් මාධ්‍ය ගෙන යන සාවද්‍ය ප්‍රචා­රය තරයේ ප්‍රති­ක්ෂේප කරන බවත්, ඒ සම්බ­න්ධ­යෙන් තමා බල­වත් ලෙස කන­ගා­ටු­වට පත්වන බවත් ප්‍රකාශ කරන පාර්ලි­මේ­න්තුවේ හිටපු නියෝජ්‍ය කථා­නා­යක අජිත් රාජ­පක්ෂ මහතා මෙම සාවද්‍ය පුවත නිවැ­රැදි කිරී­මට කඩි­න­මින් කට­යුතු කරන ලෙසද ඉල්ලී­මක් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *