පසුගිය දිනවලට සාපේක්ෂව මේ දිනවල වෙළදපොළේ බිත්තර මිල පහළ ගොස් තිබෙනවා.
බිත්තර වෙළඳුන් පවසන්නේ මේ දිනවල බිත්තරයක මිල රුපියල් 35ක සීමාවෙහි පවතින බවයි.
සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ ලේකම් අනුර සිරි මාරසිංහ සඳහන් කළේ ඉදිරියේදී බිත්තර මිල තවදුරටත් පහළ යා හැකි බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, මේ වන විට බිත්තර නිෂ්පාදනය ඉහළ ගොස් ඇති අතර මෙම තත්ත්වය මත ඉදිරියේදී බිත්තරයක් රුපියල් 30ක් වැනි මුදලකට අළෙවි කිරීමට හැකියාවක් ලැබෙනු ඇති බවයි.