ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100කට ආසන්න මුදල් අච්චු ගසා තිබෙන බව වාර්තා වනවා.
වෙන්දේසියක් හරහා රුපියල් බිලියන 36යි දශම 16ක් සහ මුද්‍රිත මුදල් වාරික වෙන්දේසියක් හරහා දින 7 කට රුපියල් බිලියන 70ක් එකතු කර ඇති බවයි වාර්තා වන්නේ.
මහ බැංකුවේ නිල දත්ත අනුව බහු ද්‍රවශීලතා මෙවලම් හරහා දේශීය වත්කම් වෙනුවෙන් රුපියල් බිලියන 106කට ආසන්න මුදලක් යොදවා ඇති අතර එමගින් බැංකු පද්ධතියට එක්කර ඇති අතිරික්ත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 190ක් දක්වා ඉහළ යනවා.
මෙය මහ බැංකුවේ සුපුරුදු විවෘත වෙළෙඳපොළ මෙහෙයුම්වලට අනුකූල වන අතර රජයේ අයවැය හිගය පියවීමක් මෙමගින් සිදු වීමක් නොමැති බවයි වාර්තා වන්නේ.
රජයේ අයවැය හිගය පියවා ගැනීම සඳහා මුදල් මුද්‍රණය කිරීම මහ බැංකු පනත සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග ඇතිකර ගත් ගිවිසුම් ප්‍රකාරව තහනම් කර තිබෙනවා.