රට බේරාගත් නායකයා ලෙස හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට පසුගිය ජනාධිපතිවරණයේදී පෞද්ගලික ඡන්දයක් වශයෙන් විශාල ප්රමාණයක් ලැබුණු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සමන් රත්නප්රිය මහතා සඳහන් කරයි.
නමුත් මහ මැතිවරණයේදී එය නොලැබුණේ රනිල් වික්රමසිංහ මහතා ඡන්දයට ඉදිරිපත් නොවූ නිසා බවද හෙතෙම පෙන්වා දෙයි.
නමුත් ඔහු තරග වැදුණුවේ නම් මෙම ප්රතිඵලය වෙනස් වීමට හැකියාව තිබූ බවද ඔහු කියා සිටී.
අවසානයේ සිදුවූයේ සියලුම පක්ෂවල ඡන්ද ප්රමාණය ජනාධිපතිවරණයට වඩා අඩුවී එම සියල්ල ජාතික ජන බලවේගයට එක්වීම බවත් හෙතෙම තව දුරටත් සඳහන් කරයි.